Thursday, September 13, 2012

වායු ගෝලීය සාමාන්‍ය සංසරණ ක්‍රියාවලිය (සුළං සංසරණය)




ස්වභාවික පරිසරයෙහි සංකීර්ණ නිර්මාණයක් වූත් හැඩයක්, වර්‍ණයක් හෝ භෞතික වශයෙන් ආකෘතිමය ලෙස දක්නට නොලැබුණු අපගේ සංවේදනයට පමණක් ගෝචර වන  “සුළඟ”  පිළිබඳ ඔබ යම් දිනෙක හෝ සිතා ඇත් ද? එහි ක්‍රියාකාරීත්වය, මෙවැනි ස්වභාවික ප්‍රපංචක වැදගත්කම හෝ මෙවැනි ස්වභාවික සංසිද්ධියක් බල පැවැත්වෙන්නේ ඇයි යන්න මොහොතකට හෝ සිතා ඇත් ද? මේ සුළං ක්‍රියාවලිය පිළිබඳ භූගෝල විද්‍යාත්මක විවරණයකි.
වායු ගෝලය මාධ්‍යයක් කරගනිමින් චලන ස්වරූපයෙන් සුළ‍ගෙහි හැසිරීම සිදු වේ. ඉතා සරළව වායු ගෝලීය සංසරණ ක්‍රියාවලිය ලෙස භූගෝල විද්‍යාවේ දී හඳුනා ගනු ලබන්නේ සුළං සංසරණ ක්‍රියාවලියයි. 


වායු ගෝලයෙහි  සුළං චලනය වීම එසේත් නැත්නම්  සංසරණය වීම සිදු වන්නේ වායු ගෝලීය පිඩනය නිසාවෙනි. එනම් ගුරුත්වාකර්ෂන බලය නිසා නිරන්තරයෙන් වායු ගෝලය විසින් ‍ පොළව මතට යම්කිසි තෙරපීමක්  සිදු කරනු ලබයි. මෙය වායු පීඩනය නම් වේ.වායු ගෝලයෙහි ස්ථර කිහිපයක්ම පවතින හෙයින් ඉහළ වායු ස්ථරයන්ගේ නිරන්තර තෙරපීම පහළ වායු ගෝලය වෙත බල පවත්වන නිසා මිනිස් අප වෙසෙන පහල වායු ගෝලය වන පරිවර්තී ගෝලයෙහි වායු පීඩනය වැඩිය. නමුත් අදික වායු තෙරපීම ‍ජෛව ප්‍රජාවට අහිතකර නොවන්නේ ඔවුන්ගේ ශරීර අභ්‍යන්තර පීඩනය බාහිර වායු ගෝලීය පරිසරයෙහි වායු පීඩනයට සමාන වන බැවිනි.කෙසේ වෙතත් පරිවර්තී ගෝලයෙහි ද වායු පීඩනය එක් තැනෙකින් තවත් තැනකට වෙනස් වේ. මෙලෙස වායු ගෝලීය පරිසරයෙහි යම් තැනක අඩු පීඩනයක් පවතී නම් වැඩි පීඩනයක සිට වාත ස්කන්ධ ඒ අඩු තැනෙට ඇදී ඒ.මේ ආකාරයට වැඩි පීඩනයක සිට අඩු පීඩනයක් දක්වා වාත ස්කන්ධ චලනය වීම “සුළං” නැතිනම් වායු ගෝලීය සංසරණ ක්‍රියාවලිය වශයෙන් හඳුන්වනු ලබනවා.
 සුළං ක්‍රියාවලිය ඇති වීම සඳහා බලපාන භෞතික සංසිද්ධීන් කිහිපයක්ම පවතිනවා. ඒ අතර
·        කොරියෝලිස් බලය (පීඩන අපක්‍රමන බලවේගය)
·        පීඩන අනුක්‍රමණ බලවේගය
·        කේන්ද්‍ර අභිසාරී හා අපසාරී බලවේගය
·        ඝර්ෂණ බලය
                                                       හදුනා ගත හැකිය.

කොරියෝලිස් බලය (පීඩන අපක්‍රමන බලවේගය)

                                             කොරියෝලිස් නමැත්තා විසින් මෙම බලවේගය හඳුනා ගෙන ප්‍රකාශ කිරීම නිසා මෙයට කොරියෝලිස් බලය යැයි කියනු ලබයි.
                                             පෘථිවි අර්ධ ගෝල දෙකෙහි සුළං ක්‍රියාකාරීත්වය දිශා දෙකකට අනුව සිදු වේ.ඒ අනුව උතුරු අර්ධගෝලයෙහි දක්ෂිණාවර්ථව හා දකුණු අර්ධගෝලයෙහි වාමාවර්ථව සුළං දිශාව වෙනස්ව ක්‍රියාත්මක වේ. මෙලෙස දිශා දෙකකට සුළං ක්‍රියාවලිය බල පැවැත්වෙන්නේ කොරියෝලිස් බලය හේතුවෙනි. පෘථිවි භ්‍රමණය කොරියෝලිස් බලයේ නිර්මාණයට හේතු වන බව කොරියෝලිස් නමැත්තාගේ හඳුනා ගැනීම වේ.මේ නිසා උතුරු අර්ධ ගෝලයෙහි අඩු පීඩන කලාපයක් තුළට සුළං හමනුයේ වාමාර්ථිතවය.වැඩි පීඩන කලාපයකින් පිටට සුළං හමනුයේ දක්ෂිණාවර්ථිතවය. නමුත් දකූණු අර්ධ ගෝලයෙහි මෙය සිදුවනුයේ මීට ප්‍රතිවිරුද්ධ ලෙසිනි.
                                             අපක්‍රමණ නියමයට අනුව නිරක්ෂයේ සිට උතුරට හා දකුණට යත්ම අපක්‍රමණය ක්‍රමයෙන් වැඩි වන බව දක්වා ඇත.ඒ අනුව කොරියෝලිස් බලය ධ්‍රැවයේ දී අදික වන අතර නිරක්ෂයේ දී ශුන්‍ය වේ. භෞතික න්‍යායන්ට අනුව මීට හේතුව පෘථීවි පෘෂ්ටය ක්‍රමයෙන් භ්‍රමණ අක්ෂයට සමාන වීමය.
                                             කොරියෝලිස් බලය සුළං, සාගර ප්‍රවාහ මෙන්ම මිසයිල රොකට් යනාදියේ පියාසර මාර්‍ග නිශ්චය කිරීම සඳහා ද ඉතා වැදගත් වේ.

පීඩන අනුක්‍රමණ බලවේගය
                                             සුළං ක්‍රියාවලියෙහි හැඳින්වීමෙහි දි මේ පිළිබඳ කථා කර ඇති නිසා ඔබට තේරුම් ගැනීම පහසු වේ.පීඩන රේඛාවන් අනුව පීඩනය වෙනස් වන දිශාව හා වේගය පීඩන අනුක්‍රමණය ය.
                                             පෙර සඳහන් කළ පරිදි පීඩනයේ අසම ව්‍යාප්තිය හේතු කොට ගෙන වාත ස්කන්ධ වැඩි තැනෙක සිට අඩු තැනෙකට ඇදී යයි. වායු ගොලයේ ඝනත්වය වැඩි නම් ආංශික පීඩනය වැඩි වේ.ඝනත්වය අඩු නම් ආංශික පීඩනය අඩුය. මෙවැනි වෙනස්කම් නිසා  ආංශින චලනයේ විසංතුලනයක් ඇති වන අතර ඒ හේතුවෙන් වාත ස්කන්ධ වැඩි තැනෙක සිට අඩු තැනෙකට තල්ලු කරයි.එය පීඩන අනුක්‍රමණය ය. මෙම චලන බොහෝ විට තිරස් ආකාර වූවත් පීඩන අනුක්‍රමණය සිරස් අතට ද සිදු වේ.
                                             පීඩන වෙනස වැඩි නම් අනුක්‍රමණ බලය ද වැඩි අතර පීඩන වෙනස අඩු නම් අනුක්‍රමණ බලය ද අඩු වේ.ඊට අනුව සුළගේ වේගය ද අඩු වැඩි වේ.  සම පීඩන රේඛාවන් ඈත්ව පිහිටයි නම් මද පීඩන අනුක්‍රමණයක් වන අතර සුළං හැමිම සෙමින් සිදු වේ. දළ පීඩන අනුක්‍රමණයක දී සුළං හැමීමේ වේගය වැඩිය.

කේන්ද්‍ර අභිසාරී හා අපසාරී බලවේගය
                                             සුළං ක්‍රියාකාරීත්වයට බලපාන තවත් ස්වභාවික සංසිද්ධියක් වේ.වායු ගෝලය අවට පීඩනය වැඩි වේ නම් හා පීඩන මණ්ඩලයේ මධ්‍යයේ  පීඩනය අඩු වේ නම් අසංතුලිතතාවය සමතුලිත කිරීමට අවට වායු ධාරා පීඩන මණ්ඩලයේ මධ්‍යයට පැමිනෙනුයේ කේන්ද්‍ර අභිසාරී බලවේගය හේතුවෙනි. එමෙන්ම වැඩි පීඩන මණ්ඩලයක වායු ස්කන්ධ, අවට අඩු පීඩන ප්‍රදේශ වෙත ගමන් කරනුයේ කේන්ද්‍ර අපසාරී බලය හේතුවෙනි. මේ බලවේගයන්ගේ බලපෑම සුළං සංසරණ ක්‍රියාවලියෙහි කවාකාර  ස්වරූපයට හෙතු වී ඇත.

ඝර්ෂණ බලය
                                             පෘථීවියේ ස්වභිවිකව පවතින කඳු බාධක, වෘක්ෂලතා, හරිත පටි මෙන්ම උස් ගොඩනැඟිලි ආදිය සුළ‍ඟේ තිරස් ගමනට බාධා ඇති කරයි.මෙම බාධක සුළඟට ඝර්ෂණයක් ඇති කරනු ලබයි. මේ නිසා සුළං වේගය හා දිශාව වෙනස් වේ. ඝර්ෂණ බලවේගය පහළ වායු ගෝලය තුළ ක්‍රියාත්මක වේ.
                                             ඝර්ෂණ බලයට හසු වන පහළ වායු ගෝලීය සුළං භූ තල සුළං වේ.එමෙන්ම ඝර්ෂණ බලයට හසු නොවී ඉහළ වායු ගෝලය තුළ නැගෙනහිර සිට බටහිරට  හෝ බටහිර සිට නැගෙනහිරට හමා යයි. මේවා භූවර්ථන සූළං වේ. ඝර්ෂණ බලවේගය නිසා කඳු කර වැසි ඇති වන අතර සුළං මුවාව වියළි ප්‍රදේශයක් බවට පත් කරයි. එමෙන්ම ගොඩබිම දී වාසුළි, කුණාටු වැනි අහිතකර කාලගුණ තත්වන්ගේ බලය  අඩු කිරීමට ද ඉවහල් වේ.


                                             වායු ගෝලීය සාමාන්‍ය සංසරණ ක්‍රියාවලිය සඳහා ඉහත භෞතික ප්‍රපංචයන්ගේ ක්‍රියාකාරීත්වය ඉවහල් වී ඇත.

6 comments:

  1. ආහා.. නඟා සුබ පැතුම් ඇ.... දිගටම කරන් යන්න. මාත් කියවනෝ

    ReplyDelete
  2. නියමයි නංගි...........

    ReplyDelete
  3. @PM
    ස්තූතියි අක්කා....

    @E info LK ,
    බොහොම ස්තූතියි.ඔබේ දිරිමත් කිරීම ඉදිරි ගමනට ශක්තියක්....

    ReplyDelete
  4. නවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
    මෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්

    1. ගණකාධිකරණය
    2. කෘෂිකාර්මික විද්යාමව
    3. බුද්ධ ධර්මය
    4. ක්රිධස්තියානි ආගම
    5. නර්තනය
    6. ආර්ථික විද්යාිව ‍
    7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
    8. භූගෝල විද්යා‍ව
    9. ඉතිහාසය
    10. තොරතුරු තාක්ෂණය
    11. ගණිතය
    12. සංගීතය
    13. දේශපාලනය විද්යාොව
    14. සිංහල භාෂාව
    15. ජීව විද්යාවව
    16. රසායන විද්යා‍ව
    17. භෞතික විද්යාවව
    18. Home Economics
    19. Hard Technology
    20. Higher Mathematics
    21. Logic & Scientific Method
    22. Buddhist Civilization
    23. Business Studies
    24. Christian Civilization
    25. Combined Mathematics
    26. Communication & Media Studies

    යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
    Gurulugomi2014@gmail.com
    http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn

    ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
    1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
    2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
    3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
    4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
    ස්තූතියි!
    Sandeepa Madushan Abeysinghe
    Main Administrator
    www.Gurugedara.org

    kamathinam ape site eke editor kenek wela oya wage harawath article ehi pala karanna

    ReplyDelete
  5. අනේ මාවත් editor කෙනෙක් කරන්න කෝ මේ වෙබ් සයිට් එකේ,

    ReplyDelete