Wednesday, March 13, 2013

ශ්‍රි ලංකාවේ සැවානා



     අප අවට පරිසරය අපේ  ජීවය තහවුරු කරන එකම ස්වභාවික යාන්ත්‍රණය වන්නා සේම ඉන් බැහැරව ජීව ක්‍රියා පැවැත්වීම ජීවින් වන අප කිසිවකුට කළ නොහැකිය.මේ නිසා පරිසරයේ සැම සියුම් අංගයක් හා දැවැන්ත ප්‍රපංචයක්ම අපගේ පැවැත්ම සඳහා  සෘජු හා වක්‍රීය දායකත්වයක් සපයයි. මෙලෙස අප පැවැත්ම තහවුරු කරන අප ඇසට පෙනෙන , අති දැවැන්ත ස්වභාවික නිර්මාණයක් ලෙස වනාන්තර පරිසර පද්ධතිය හදුනා ගත හැකිය.

        අපි හැමදාම දකින , අපේ ඇසට හොදට හුරු පුරුදු වනාන්තර වල එකිනෙකට සියුම්ව  ශාක , සතුන් ගේ වෙනසක් තිබෙනවාය යන්න ඔබ දන්නා කාරුණක් විය හැකිය.එවැනි එක් සුවිශේෂී ශ්‍රී ලංකාවේ වනානත්ර පරිසර පද්ධතියක් පිළිබද සරල ගවේෂණයක් ඔබ වෙත ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි..

          "සැවානා"..."ඇත්තටම මොකක්ද මේ සැවානා කියන්නේ... මේ සැවානා වල තියෙන විශේෂත්ව ය මොකක්ද ..? "මේ ඔබට නැගෙන ගැටළු විය හැකිය. අපි මුලින්ම සරලව සැවානා වනාන්තරයක්  යනු කුමක්ද කියලා හදුනා ගෙන ඉමු.. මං මේ සැවානා ගැන කියන්න යන්නේ  සැවානා ගැන මුකුත්ම නොදන්නා කෙනෙක්ට පැහැදිලි කරන ආකාරයටයි.

          සැවානා බිමක් යනු තැනින් තැන දක්නට ලැබෙන කාෂ්ටීය ශාක සහිත තෘණ බිම් ප්‍රදේශයකි. කාෂ්ටීය ශාකයක යනුවෙන් අප හදුනා ගන්නේ  අරටුවක් සහිත වාර්ෂික ශාකයන් ය. සැවානාව ක  නොකඩවා විහිදුනු තෘණ බිම් තලාවක මේ කාෂ්ටීය ශාක තැනින් තැන විහිදි පවතිනවා. මෙම සැවානා ප්‍රජාව මහද්වීපික වශයෙන් එකිනෙකට වෙනස් වීම සුවිශේෂී ලක්ෂණයක් ලෙ හදුනා ගන්නට පුළුවන්. එනම්  ලෝකයේ වෙනත් ප්‍රදේශ වල (අප්‍රිකාව  , දකුණු ඇමරිකාව , ඕස්ට්‍රේලියාව ) ව්‍යාප්තිත සැවානා බිම් වලට වඩා වෙනස් ආවේණික ලක්ෂණ සහිත සැවානා බිම් තමයි ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ.

        ශ්‍රී ලංකාවේ සැවානා බිම් පහත රට සහ මැද රට අන්තර් කලාපයේ ද  වියළි කලාපයේද කොටස් ඇතුළු ව දිවයිනේ තරමක් විශාලව නැගෙනහිර ප්‍රදේශයට වන්නට අවකාශීමය ව්‍යාපත්ිය හදුනා ගන්ට පුළුවන්. හදුමුල්ල, මැදගම, බිබිලේ, නිල් ගල, රතු ගල කියන ප්‍රදේශ වල ව්‍යාප්ත වෙලා පවතිනවා. ශ්‍රී ලංකාවේ සැවානා විශේෂ දෙකක් පවතිනවා. ඒවා  නම් උස් බිම් සැවානා හා පහත් බිම් සැවානා නම් වේ.‍

ශ්‍රී ලංකාවේ සැවානා බිම් ඔසු උයන් වශයෙන් හදුන්වනු ලබනවා. විශේෂයෙන්ම නිල්ගල ,රතුගල ප්‍රදේශ වල දක්නට ලැබෙන මෙම ප්‍රජාව බෙහෙත් ඖෂධ පැළැටි වලින් ගහන නිසා එම අන්වර්ථ නාමය ලැබී පවතිනවා.

පහතින් දක්නට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ නිල් ගල ප්‍රෙද්ශයේ දක්නට ලැබෙන සැවානා ශාක ප්‍රජාවකි.









 මෙම සැවානා බිම් වල යටි රෝපණ ශාක විශේෂය වන්නේ තෘණ බිම් වන අතර , අතරින් පතර හුදකලා ව වැඩෙන ගස් වලින් ද යුතුව සැවානා ප්‍රජාව නිර්මාණය වේ. මෙහි හදුනා ගත හැකි කාෂ්ටීය ශාක ලෙස

·        අරළු - Terminalia chebula
·        බුළු -Terminalia bellica
·        නෙල්ලි - Phyllanthus emblica
·        කහට - Careya arborea  
·         කඩුම්බේරිය - Diaspyros bellirica
·    ගම්මළු  - Pterocarpus marsupium 

 මෙන්ම විවෘත බීජකයක් වන " මඩු -Cycas cirnalis " ශාක ආදිය දක්නට ලැබෙනවා. මේ නිසා මෙම ප්‍රජාව පළතුරු උයනක විසිතුරු ගනු ලබන බව විද්වතුන් ගේ හදුනා ගැනීමයි.

        මෙහි වැඩෙන තෘණ විශේෂයන් වන්නේ මීටර 1.5 ක් තරම් උසට වැඩෙන " ඉලුක් - Imperata cylindrica"  වන අතර ඒවා ප්‍රධාන තෘණ විශේෂයයි. නමුත් අතරින් පතර " මානා  - Cymbopogan nardus " මිශ්‍රිතව පවති.
       
 මෙම ශක ප්‍රජාව වර්ෂයෙන් වැඩි කාලයක් දිගු වියළි බවට මුහුණ දීම සඳහා හැඩ ගැසී ඇත.මේ නිසා වාර්ෂික ශාක අග්නිකාමී ශාක වේ. ගින්නට හොදින් ඔරොත්තු දිය හැකි මෙම ශාකවල ඝන පොත්තක් දක්නට ලැබේ.විශේෂයෙන්ම මෙම තෘණ ඉතා ඉක්මනින් ගිනි ගන්නා අතරම වියළි කාලයේදී පවතින වියළි බව නිසා හෝ මානව ක්‍රියා හේතුවෙන් ගිනි ගැනීමේ ඉඩ පැවතිය හැක.මේ නිසා මෙම තත්ත්වට ඔරොත්තු දීමට ශාක අනුවර්තන ලක්ෂණ එනම් විවිධ හැඩ ගැසීම් දක්වනු ලබයි. ගිනි ගැනීම් වලදි තෘණ විශේෂ වල වායව කොටස් පොළව අභ්‍යන්තරයේ හොදින්ආරක්ෂිතව පවතින හෙයින් කෙටි වර්ෂා ඍතුව ඇරඹීමත් සමඟ හොදින් වර්ධනය වේ.කෙසේ වෙතත් මෙම සැවානා ප්‍රජාව  වර්ධන වීම අඩාල කරනු ලබන ප්‍රධාන බාධකයක් ලෙස වාර්ෂික ගිනි ගැනීම් දැක් විය හැකිය.මේ නිසා අපට මෙය බාධා උත්කර්ෂයක් ලෙස දැකිය හැකිය. බාධා උත්කර්ෂයක ලක්ෂණය වන්නේ සාමාන්‍යයෙන් ඇති වන ශාක සන්තතිය ඇන හිට ඒ වෙනුවට සාමාන්‍ය සන්තතිය නිසා ඇති වනප්‍රජාවට සහමුලින්ම වෙනස් වුද, පෙනුමෙන් ස්ථායි බවක් විදහා පාන ප්‍රජාවක් වීමයි. එමෙන්ම උත්කර්ෂ දර්ෂයක් නොවැඩීමට තවත් හේතුවක් නම් ප්‍රකෘති පාෂාණය පසෙහි මතු පිටට ආසන්නයේ පිහිටීමත් , පස තුනී ස්ථරයක් ව පැවතීමත්ය.මේ නිසා පසෙහි ජල සංරක්ෂණ ය අක්‍රමවත්ය.මෙම බාධා නිසා මෙම පරිසරය ප්‍රධාන ශාක දර්ශයක් ලෙසට තෘණ බිම් ප්‍රජාවකට ඉඩ ලබා දී ඇත.
       
 මෙම ප්‍රජාව බෙහෙත් ශෘක සදහා සුවිශේෂී වැදගත් කමක් උසුලනු ලබන වනාන්තර විශේෂයකි.මෙහි වැඩෙන අරළු , බුළු නෙල්ලි ශාක වල ඖෂධීය වැද ගත්කම පිළිබ ඳවිශේෂයෙන් කිව යුතු නැත.එබැවින් මෙම ශාක දර්ශ දේශීය ඖෂද කලාවෙත් අත් බෙහෙත් නිෂ්පාදනයේ දීත් වැඩි වැදගත්කමක් උසුලනු ලබයි.ඇතුම් ශාක බහු ප්‍රයෝජ්‍යය.ගම්මළු වැනි ශාක ‍පොත්තෙන් ගන්නා නිස්සාරනයෙන් බෙහෙත් ඖෂදසේම එහි දැව ද යම් යම් භාන්ඩ නිෂ්පාදන ය සදහා ශක්තිමත් ලෙස භාවිතා කළ හැකිය.

    
        මෙලෙස ඉතා වැදගත්කමක් උසුලන මෙම සැවානා ශාක ප්‍රජාව තවමත් නිවැරදි හා ප්‍රශස්ත පරිහරණයකට ලක්ව නොමැති වු ස්වභාවික පරිසර පද්ධතියක් ලෙස හදුනා ගත හැකි ය.‍බොහෝ විට හේන් ගොවිතැන් ක්‍රම ,මානව ජනාවාසකරනය වැනි මානුෂ කටයුතු හේතුවෙන් මෙම ශාක ප්‍රජාවෙහි පැවැත්ම සදහා තර්ජන ඇති වී ඇත.මෙවැනි බහු ප්‍රයෝජ්‍ය සහිත වනාන්තර ප්‍රජාවකට බුද්ධිමත් ජීවියකු ‍යැයි සිතන මිනිසා විසින් ඇති කරනු බලපැම හේතුවෙන් ඔහු සතු බුද්ධිමත් බාවය පිළිබඳ නැවත සිතා බැලිය යුතු තැනකට පත් ව ඇත.

4 comments:

  1. මම මෙච්චර කාලයක් හිතන් උන්නෙ සැවානා වනාන්තර කියන්නෙ කොයි වෙලෙත් තෙත්ව තියන බිම් කියල. ඕකට හේතුව වෙන්න ඇත්තෙ ඈත අතීතෙක මම බලපු මොකක් හරි චිත්‍රපටියක සැවාන කියල නම තිබිල ඒකෙ වැසි වනාන්තරේකුත් තියෙන්න ඇති. කොහොම හරි අද ඉගෙනගත්තානේ.. පොටෝ ගන්නත් රවුමක් ගිහින් වගේ !!

    ReplyDelete
    Replies
    1. වැසි වනාන්තර පද්ධයෙන් ගොඩක්ම වෙනස් වනාන්තර විශේෂයක් තමයි සැවානා වනාන්තර කියන්නේ.ඒ වගේම මහද්විපයෙන් මහද්වීපයට සැවානා වෙනස්.අපි හැමෝම දන්න අප්‍රිකාවේ සැවානා පද්ධතියෙන් වෙනස් සැවානා විශේෂයක් තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ. සිහින මේ ලිපියෙන් ඉගෙන ගත්තනේ සැවානා ගැන...ඒ ගැන සතුටුයි...

      ඔව් සිහින. මේ නිල්ගල සැවානා වනාන්තර ගැන අධ්‍යනය කරන්න ගිය වෙලාවේදි ගත්තු පොටෝ කැලි දෙක තුනක්.

      ස්තූතියි සිහින අදහසක් ඉදිරිපත් කළාට...

      Delete
  2. මමත් උනන්දුයි මේ ගැන ....හොඳ ලිපියක් ...
    තව ලිපි දාන්න ..ඔබට ජය !!!

    ReplyDelete
  3. මේකත් බලන්නකෝ amila-geo.blogspot.com

    ReplyDelete